උපාය මාර්ගික වත්කම් සහාය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඉහළ නැංවීම





ප්ලාස්ටික්  අගය දාමය පරිවර්තනය කිරීමෙහි ලා කැපවුණු උත්සාහයන් ඔස්සේ නවෝත්පාදනයන් මෙන්ම මෙහෙයුම්හි විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම සඳහා  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs) තීරණාත්මක වත්කම්වලින් සන්නද්ධ කිරීම ඔස්සේ  PLASTICS ව්‍යාපෘතිය පූර්වාදර්ශයක් සපයා තිබේ. මෙම වත්කම් හුදෙක් මෙවලම් පමණක්ම නොව,තිරසර සංවර්ධනය මෙන්ම කර්මාන්ත නායකත්වය යනාදිය සඳහා උත්ප්‍රේරකයන්ද වේ.   

සාමූහික ආයෝජන

මෙම ව්‍යාපෘතියට සහභාගී වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්, මෙම වත්කම් සඳහා මූල්‍ය පිරිවැයෙන් 50% ක් ප්‍රදානය  කිරීමෙන් මේ සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්වා දෙති . මෙම හවුල්/ සහයෝගී  ආයෝජනය මගින් හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති කරනවා පමණක් නොව, වඩාත් තිරසාර හා ලාභ උපදවන අනාගතයක් ගොඩනැගීම පිණිස වන  ඔවුන්ගේ දිගුකාලීන සම්බන්ධතාවය වඩාත් සවිමත් කරයි.

සකස් කළ විසඳුම්

මෙහිදී සපයනු ලබන වත්කම් සියළුම ගැටළුවලට සරිලන එක්  විසඳුමක් යන ස්වරූපයේ ඒ්වා නොවූවද   ඒ්වා ප්‍රවේශමෙන් සකසා ඇත්තේ සෑම ව්‍යාපාරයකම වන එම ව්‍යාපාරයට අනන්‍ය වූ අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගනිමිනි. මෙම අභිරුචිකරණය පහත කරුණු මත පදනම් ව ඇත.

  • ව්‍යවසායයෙහි ධාරිතාව ඇගයීමේ මෙවලම (ECAT) ඔස්සේ සිදුකෙරෙන විශේෂඥ මට්ටමේ ඇගයුම් : ව්‍යවසායන්හි ධාරිතාව, ශක්තීන් සහ දුර්වලතාවන් ඇගයීම.
  • සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය හා සුපිරිසිදු නිෂ්පාදන (RECP) සැලසුම්: සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කිරීම, නාස්තිය සහ පාරිසරික පියසටහන් අවම කිරීම.
  • තනි ව්‍යාපාර සඳහා උපාය මාර්ගයන්  : කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි  වර්ධන ඉලක්ක සහ වෙළඳපොළ අවස්ථාවවන් සමඟ වත්කම් පෙළගැස්වීම.

ඉහත අවබෝධ කරගත් කරුණු  ඉලක්කගත අයුරින් වත්කම් වෙන් කිරීම සමඟ පෙළගස්වා ගැනීම ඔස්සේ අභියෝගවලට මුහුණ දීමේ මෙන්ම ඵලදායී ලෙස නව අවස්ථාවන් අත්පත් කර ගැනීමේ හැකියාවන්ගෙන්   ව්‍යවසායයන්  සන්නද්ධ වන බව ව්‍යාපෘතිය සහතික කරයි.

නවෝත්පාදනයන්  සහ තිරසරභාවය

මෙම වත්කම් මගින් ජනිත කරවන  බලපෑම මෙහෙයුම්හි ක්ෂණික වැඩිදියුණුවීම්  වලට වඩා  බොහෝ ඔබ්බට විහිදේ. ඒ මගින්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට පහත දේ සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

  • තම හැකියාවන් පුළුල් කරගැනීම : වැඩිදියුණු කළ නිෂ්පාදන තාක්ෂණයන්, නිර්මාණශීලී මෙන්ම නව  ප්‍රතිචක්‍රීකරණ යාන්ත්‍රණයන්  හෝ සම්පත්-කාර්යක්ෂම ලෙස භාවිතා කරමින් සිදුකරන සැකසුම් හරහා වේවා, මෙම වත්කම් ව්‍යාපාරයනට  විශාල වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට අවශ්‍ය දිරිගැන්වීම් සපයයි.
  • නව මූලාරම්භයන් දියත් කිරීම : බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවයසායයන් ඔවුන් මින් පෙර ගවේෂණය නොකළ ක්ෂේත්‍රවලට පිවිස ඇති අතර, තම නිපැයුම්  විවිධාංගීකරණය කරමින්  වටිනාකම් නිර්මාණය කිරීමට දායක වෙති. .
  • තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම : ප්ලාස්ටික් අගය  දාමයේ වන හොඳම භාවිතයන් අනුගමනය කිරීමෙන්, මෙම ව්‍යාපාරයන්  කසළ අවම කිරීමට සහ චක්‍රීය ආර්ථික මූලධර්ම වැළඳ ගැනීමට දායක වේ.

පරිවර්තනය ක්‍රියාත්මක වෙමින්

එවන් එක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක්, වඩා විශාල ඇණවුම් සැපයීමෙහි  මෙන්ම  තොග නිශ්පාදන අවස්ථාවන් ගවේෂණය කිරීමෙහි ලා ඉඩ සලසමින් සාම්ප්‍රදායික නිශ්පාදන ක්‍රමවේදයන්හි සිට තම නිපැයුම් පෙළට ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් එක්  කර ගැනීම දක්වා පරිවර්තනය වීමට ව්‍යාපෘතියේ සහාය තමන්හට ඉඩ සැලසූ ආකාරය අප සමගින් හුවමාරු කරගනු ලැබිණි. මෙහිදී මෙම නව යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික අවබෝධයන් නිෂ්පාදන පිරිවැය අඩු කළා පමණක් නොව, පරිසර හිතකාමී වෙළඳ නාමයක් ලෙස ඔවුන්ගේ වෙළඳපල ස්ථානගත කිරීම ද ඉහළ නංවා ඇත.

වෙනස් වීමේ රැළි බලපෑම්

PLASTICS ව්‍යාපෘතිය හරහා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් තම ස්වාධීන මෙහෙයුම් වැඩිදියුණු කරගැනීම පමණක් නොව, කර්මාන්ත ක්ෂේත්‍රය තුළ  තිරසර ව්‍යාපාරික භාවිතයන් සඳහා අවශ්‍ය මිණුම් සලකුණු සැකසීම ද සිදු  කරති . මෙම මුලපිරීම, සහයෝගී උත්සාහයන් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන උපායමාර්ගික ආයෝජනයනට  ව්‍යාපාර, ප්‍රජාවන් සහ පරිසරය සඳහා අර්ථවත් වෙනසක් ඇති කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි වැඩිදියුනුව සවිබලගැන්වීමෙන්, PLASTICS ව්‍යාපෘතිය නවෝත්පාදනය සහ තිරසාරභාවය පෝෂණය කිරීම සඳහා ආදර්ශයක් සපයන අතර, වඩාත් ඔරොත්තු දෙන සහ වගකිවයුතු අනාගතයකට මග පාදයි.

Share this post

Biodiversity Sri Lanka

Biodiversity Sri Lanka (BSL) is an entirely private sector owned and driven platform established to promote strong engagement of the corporate sector in Biodiversity and environmental conservation issues in Sri Lanka.