
ව්‍යාපාර සඳහා හරිත මූල්‍ය සේවා සැපයීම පිළිබඳ උපායමාර්ගික රැස්වීම මගින් ශ්‍රී ලංකාව තුළ තිරසර මූල්‍යකරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂඥයින් සහ කොටස්කරුවන් එක්රැස් කිරීම සිදු කරන ලදී. ගෝලීය දේශගුණික අර්බුදයට මුහුණ දීම සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් මූල්‍ය පද්ධතීන් පාරිසරික ඉලක්කයන් සමඟින් පෙළගැස්වීම සඳහා වන අවශ්‍යතාවය මෙම අවස්ථාව මගින් අවධාරණය කරන ලදී. අරමුදල් අතර පරතරයන් පියවීම සහ හරිත ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහි ලා මූල්‍ය ආයතනයන්හි කාර්යභාරය මෙම රැස්වීමෙහි මූලික සාකච්ඡාවන් අතර ප්‍රමුඛස්ථානයක් දරනු ලැබිණි.

Biodiversity Sri Lanka (BSL) ආයතනයේ සභාපති දිල්හාන් සී. ප්‍රනාන්දු මහතා, COP29 සමුළුවේදී සාකච්ඡාවට ගත් ඉහළ දේශගුණික අවදානම් තත්ත්වයන් පිලිබඳව අවධාරණය කළ අතර, ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමෙහි ලා පවතින සීමිත ඉඩකඩ පිළිබඳවද එහිදී සාකච්ඡාවට ගැණින. දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකි ඉක්මනින් මූල්‍ය ආයෝජන සිදු කල යුතු බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබිණි. යුරෝපා සංගමයේ අරමුදල් මත ක්‍රියාත්මක වන ස්විච් ඒෂියා ව්‍යාපෘතිය සමග BSL ආයතනයෙහි සහයෝගීතාවය චක්‍රීය ආර්ථික විසඳුම් දිරිගැන්වීමෙහි ලා සංධිස්ථානයක් ලෙස පැසසුමට ලක් විය. ශ්‍රී ලංකාවෙහි හරිත පරිවර්තනයට සහාය වීම පිණිස හරිත මූල්‍ය පාරිසරික පද්ධතියක් ගොඩනැංවීම දිරිගැන්වීමෙහි ලා මහ බැංකු අධිපතිවරයාගේ දායකත්වය තීරණාත්මක වන බව මෙහිදී නැවතත් අවධාරණය කෙරිනි.
වසර 2050 වන විට ඇතිවිය හැකි යයි සැලකෙන දේශගුණික උදාසීනත්වය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති පැකේජයක් වන යුරෝපා සංගමයේ හරිත ගිවිසුම පිළිබඳ අදහස් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සහයෝගිතා ප්‍රධානියා විසින් ඉදිරිපත් කරනු ලැබිනි. ශ්‍රී ලංකාවේ පළමු හරිත බැඳුම්කරය දියත් කිරීම වැනි සන්ධිස්ථාන ඇගයූ ඔහු දත්ත අතර ඇති පරතරයන් සහ පෞද්ගලික ආයෝජන යාන්ත්‍රණයන් සීමාසහිත වීම වැනි බාධක ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම මෙන්ම ස්විච් ඒෂියා ප්ලාස්ටික්ස් ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් කළමනාකරණය ඇතුළු චක්‍රීය ආර්ථික මූලාරම්භයන් සඳහා යුරෝපා සංගමය විසින් දක්වන ලද අඛණ්ඩ සහයෝගය පිලිබඳවද ඔහු සිහිගැන්වීය එමෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමෙහි ලා හවුල්කාරීත්වයන්හි වැදගත්කම පිලිබඳවද ඔහු නැවත නැවතත් අවධාරණය කළේය.


මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා දේශගුණික අවදානම් ආමන්ත්‍රණය කිරීමෙහි ඇති ගෝලීය වැදගත්කම කෙරෙහි සහභාගී වූවන්ගේ අවධානය යොමු කළේය. මෙහිදී බදු ගෙවන්නන් විසින් අරමුදල් සපයනු ලබන නව ආරම්භයන්/මූලාරම්භයන් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන් අතර පෞද්ගලික අංශයේ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අලුත් පන්නයේ මූල්‍ය මෙවලම් භාවිතා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. 2019 වර්ෂයේ ඉලක්කගත උපායමාර්ග සැලසුම සහ 2022 වසරේ හරිත මූල්‍ය වර්ගීකරණය වැනි තිරසර මූල්‍යකරණයෙහි ලා මහ බැංකුව විසින් අත්පත් කරගන්නා ලද ප්‍රගතිය පිලිබඳවද ඔහු සහභාගී වූවන් දැනුවත් කරනු ලැබිනි. කෝවිඩ් වසංගතය හේතුවෙන් එල්ල වන ලද අභියෝග නොතකා, පුහුණු සහ ජාත්‍යන්තර සහයෝගීතාවයන් තුළින් මහ බැංකුව තම ආංශික ධාරිතාව වැඩි දියුණු කරගෙන තිබේ. තිරසාර මූල්‍ය රාමු පුළුල් කිරීමෙහි ලා වැදගත්වන සඳහා සමාජීය සහ පාරිසරික තැකීම් ඒකාබද්ධ කරමින් නව ඉලක්කගත උපායමාර්ග සැලසුමක් සැකසෙමින් පවතී. සීඝ්‍රයෙන් වර්ධනය වන දේශගුණික අවදානම් සහගත තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීම සඳහා දරනු ලබන එම අවදානම් අවම කිරීමේ උත්සාහයන් හා එක පෙළට ගමන්කල යුතු අනුවර්තන මූල්‍යකරණයේ වැදගත්කම ද ආචාර්ය වීරසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ තිරසර මූල්‍ය ප්‍රගතියෙහි වන පරතරයන් පියවා ගැනීම සඳහා නව පන්නයේ මූල්‍ය නිෂ්පාදනයන්හි මෙන්ම ඉහළ සහයෝගීතාවයක් සඳහා වන අවශ්‍යතාව ඔහු සිහිගැන්වීය. තිරසරභාවය දිරිගැන්වීමෙහි ලා මෙන්ම හරිත සංවර්ධනයෙහි ලා සංස්කෘතිකමය නැඹුරුවක් ඇති කිරීම උදෙසා මහ බැංකුවෙහි කැපවීම මහ බැංකු අධිපතිවරයා විසින් නැවත තහවුරු කළේය.
මෙම අවස්ථාවට BSL ආයතනයේ හරිත මූල්‍යය පිළිබඳ විශේෂඥ එරල් අබේරත්න මහතා විසින් සිදුකරන ලද හරිත මූල්‍යකරණය සහ පිරිසිදු තාක්ෂණික විසඳුම් හරහා චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වන EU Switch Asia Plastics ව්‍යාපෘතිය පිළිබඳව වූ ඉදිරිපත් කිරීමක් ද ඇතුළත් විය. මෙහිදී ප්‍රධාන ජයග්‍රහණයන් අතරට ශක්‍යතා අධ්‍යයන, මූල්‍ය ආයතන වෙත ළඟා වීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් ඇතුළත් විය. ආයතනික මැදිහත්වීම් ඉහළ නැංවීම සහ දේශගුණික අවදානම් මූල්‍යකරණයෙහි ලා මානව හිතවාදී ආයෝජනයන් භාවිතා කිරීම කෙරෙහි අනාගත ප්‍රයත්නයන් තුළදී අවධානය යොමු කරනු ඇත.


Center for a Smart Future ආයතනයෙහි සම-නිර්මාතෘ අනුෂ්ක විජේසිංහ මහතා, හරිත මූල්‍ය කල්පිරීම් ඇගයුම වෙතින් ලද සොයාගැනීම් ඉදිරිපත් කළ අතර, එහිදී හඳුනාගන්නා ලද අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති සීමිත වීම සහ අවදානම් ඇගයීමේ යාන්ත්‍රණයන් අප්‍රමාණවත් වීම වැනි හරිත මූල්‍ය ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමේදී වන පරතරයන් ඉදිරිපත් කරනු ලැබිණි. හරිතමය වර්ධන අවස්ථාවන් විවෘත කරගැනීම සඳහා පාරිසරික අවදානම් ඇගයීමේ කටයුතු මූල්‍ය ක්‍රියාවලීන් සමග ඒකාබද්ධ කිරීම සිදු කල යුතු බව මෙම අධ්‍යයනයෙන් අවධාරණය කෙරිණි.
විවෘත සාකච්ඡාව අතරතුර, හරිත මූල්‍යකරණයෙහිදී දැරීමට සිදුවන ඉහළ පිරිවැය, හරිත බැඳුම්කරවල අනාගත විභවයන් සහ මූල්‍ය දිරිගැන්වීම් මෙන්ම නියාමන දිරිගැන්වීම්හි කාර්යභාරය වැනි බාධකයන් පිළිබඳව පාර්ශ්වකරුවන් සාකච්ඡා කළහ. ජාත්‍යන්තර දේශගුණික ඉලක්ක සමඟ ජාතික ප්‍රතිපත්ති පෙළගැස්වීමෙහි ලා මෙන්ම නව්‍ය මූල්‍යකරණ යාන්ත්‍රණයන් පෝෂණය කිරීමෙහි ලා ආයතනික සම්බන්ධීකරණයේ අවශ්‍යතාවයද ආචාර්ය වීරසිංහ මහතා විසින් අවධාරණය කරනු ලැබිනි.
බාධක ජය ගැනීම, හරිත මූල්‍යකරණය ඉදිරියට ගෙන යාම සහ තිරසාර ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව හුවමාරුවීම වේගවත් කිරීම යන කරුණු සාක්ෂාත් කරගැනීමෙහි ලා දායක වන මෙන් බහු පාර්ශවීය සහයෝගීතාවයන් වෙතින් සිදුකරනලද ඉල්ලීමක් සමඟින් මෙම සාකච්ඡාව අවසන් විය. මෙවන් සංවාදයන් දිරිමත් කිරීම ඔස්සේ දේශගුණික අභියෝග හමුවේ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, හරිත ආර්ථික වර්ධනය සහ එම දේශගුණික අභියෝගයනට ඔරොත්තු දීමේ හැකියාව පාර්ශ්වකරුවන් සතුකරගත හැක.
