ව්‍යාපාර සැලසුම් පුහුණුව සමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ සංවර්ධනය දිරිගැන්වීම

කර්මාන්ත සේවා කාර්යාංශය (ISB) මගින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ අගය දාමය තුළ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs) සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳව වන පස් දින පුහුණු වැඩසටහන් හතක් සාර්ථකව අවසන් කර ඇත. යුරෝපා සංගමය වෙතින් අරමුදල් සැපයෙන “PLASTICS” ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද මෙම වැඩසටහන් මගින් සැපයුණු මාර්ගෝපදේශකත්වය, 2024 නොවැම්බර් මස අවසානය වන විට තනි ව්‍යාපාර සැලසුම් 113 ක් සම්පූර්ණ කිරීමට මග සලසා ඇති අතර, තවත් අමතර සැලසුම් අටක් මේ වනවිටත් සැකසෙමින් පවතී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 15-20 ත් අතර ප්‍රමාණයක් සඳහා 2024 වසරේ දෙසැම්බර් මස අග භාගය වනවිට තවත් පුහුණු සැසියක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ‍

මෙම ආරම්භක පියවරෙහි මූලික අරමුණ වන්නේ ව්‍යාපෘති ප්‍රතිලාභීන් හට සවිමත් පස් අවුරුදු ව්‍යාපාරික සැලැසුම් සැකසීම සඳහා සහාය වීමයි. මෙම ව්‍යාපාරික සැලසුම්, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම, පිවිතුරු නිශ්පාදන ක්‍රමවේදයන් අනුගමනය, තිරසර පරිභෝජනයන් ප්‍රවර්ධනය, හරිත ආයෝජනයන් දිරිගැන්වීම, සමාජීය අන්තර්කරණයන් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයන් තහවුරුකිරීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර මත තම අවධානය කේන්ද්‍රගත කරනු ඇත. ඉහත මූලාරම්භය, මෙම පුළුල් ප්‍රවේශය අනුගමනය කිරීමෙන්, භාවිතයෙන් බැහැර කෙරෙන ප්ලාස්ටික් එක්රැස්කිරීම, ඒවා ප්‍රතිචක්‍රීකරණය, යළි ප්ලාස්ටික් නිශ්පාදනය සහ ඒවා වෙළඳපොළට නිකුත් කිරීම යන ක්‍රියාවලීන් සිදුකෙරෙන ආකාරයන් වැඩිදියුණු කිරීම ඔස්සේ චක්‍රීය ආර්ථිකයකට දායක වීම ඉලක්ක කරයි.

පුහුණුවෙහි මූලික අංග

පුහුණුව සඳහා සහභාගී වූවන් හට ව්‍යාපාර සැලැස්මක වන පහත සඳහන් තීරණාත්මක අංග වැඩිදියුණු කිරීම සිදු කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් සපයනු ලැබිණි. 

  • දැක්ම , මෙහෙවර සහ අරමුණු
  • අලෙවිකරණය, නිශ්පාදනය සහ මානව සම්පත සැලසුම් කරණය
  • ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශයේ ඇතුළත් අංග විශ්ලේෂණය (අනුපාත විශ්ලේෂණය) ඇතුළත් මූල්‍ය සැලසුම්කරණය.

මෙම මූලාරම්භය මගින් ව්‍යාපාර සංවර්ධනයට අදාළ සහාය ලබාදීම පමණක් නොව හරිත මූල්‍ය ක්‍රියාකාරකම් ඇගයුම, RECP ( සම්පත් කාර්යක්ෂමව භාවිතය සහ පිවිතුරු නිශ්පාදන) ඇගයුම්, QEMS පාරිසරික කළමණාකරණ පද්ධති සහතිකකරණය, ISO 14001 අනුකූලතා සහතිකකරණය සහ ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හමු සඳහා සහභාගීත්වය වැනි වෙනත් ව්‍යාපෘති  ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මූලික පදනම් ලේඛණ සැපයීම පවා සිදු කරනු ලැබේ.

ව්‍යාපෘතියේ බලපෑම

මෙම පුහුණුව මගින් තම ව්‍යාපාරයන්හි ව්‍යූහාත්මක වැඩිදියුණුකිරීම් සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය ලබාදීම ඔස්සේ කුඩා පරිමාණ ව්‍යවසායයන් මත සැලකියයුතු මට්ටමේ බලපෑමක් ඇති කරන ලදී. එමෙන්ම සහභාගී වූවන් හට ලාභ, අලාභ විශ්ලේෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සපයන ලද අතර එමගින් ඔවුනට වඩාත් දැනුවත් තීරණ ගැනීමේ අවකාශයන් සලසා ඇත. මෙම පුහුණුවෙහි ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයකට තමන් විසින් සකසන ලද ව්‍යාපාර සැලසුම් උපයෝගී කරගනිමින් සාර්ථක ලෙස බැංකු ණය පහසුකම් මෙන්ම මුදල්මය නොවන ප්‍රදානයන් ද ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

සහභාගීවන්නන් හට පහසුවෙන් සම්බන්ධ විය හැකි අයුරින් මෙම පුහුණු වැඩසටහන්, ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි පැවැත්වුණු අතර ISB ආයතනයේ විශේෂඥ පුහුණුකරුවන් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව විශේෂඥයින් පුහුණු සැසි මෙහෙය වූ අතර ඇක්ටඩ් ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කටයුතු සහ කාර්ය සම්පාදන ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබිණි.

මෙම මූලාරම්භය බොහොමයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට තීරණාත්මක සංධිස්ථානයක් ව ඇත්තේ චක්‍රීය ආර්ථිකයන් සමගින් එක්ව ගමනක යෙදෙන තිරසර මෙන්ම ලාභ උපයන ආයතන බවට පත්වීමේ මාර්ගය හෙලිකරදීම මගිනි.

Share this post

Biodiversity Sri Lanka

Biodiversity Sri Lanka (BSL) is an entirely private sector owned and driven platform established to promote strong engagement of the corporate sector in Biodiversity and environmental conservation issues in Sri Lanka.