වෙනස සවිබලගන්වමින්: ශ්‍රී ලංකාවේ 3Zero නිවස

3Zero නිවස  යනු ඇක්ටඩ් ශ්‍රී ලංකා ආයතනයේ ඉගෙනුම්, නවෝත්පාදනයන් සහ සවිබලගැන්වීම් පිළිබඳව කේන්ද්‍රය ‍වන අතර ආර්ථිකමය මෙන්ම සාමාජීය පරිවර්තනයන්හි නියෝජිතයන් ලෙස පෙරමං ගතයුත්තේ  තරුණයන් බව අපගේ විශ්වාසයයි. රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය ආයතන, ප්‍රජා මූල සංවිධාන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ වඩාත් වැදගත් ලෙස වෙනස්කම් ඇතිකිරීමෙහි ලා මූලාරම්භය ගතයුතු තරුණ ප්‍රජාව යන කණ්ඩායම් ඒකරාශී කිරීම මගින් 3Zero නිවස,  දරිද්‍රතාවය තුරන් කිරීම,  වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සහ කාබනික විමෝචනයන්  තුරන් කිරීම යන එහි කේන්ද්‍රීය අංග තුන වටා ගොඩනැගෙන සාමූහික ප්‍රයත්නයක් සකසමින් හිඳියි.   

මෑතකදී කොළඹ, වවුනියාව සහ මඩකළපුව යන දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කරන ලද එහි ප්‍රාරම්භක අවධියෙහිදී 3Zero නිවස මගින් ප්‍රජා මට්ටමෙහිදී බලපෑමක් ජනිත කළ හැකි පුද්ගලයන් වෙත සමීප වීම සඳහා විවිධ ප්‍රවේශයන් මෙන්ම මෙවලම් සංවර්ධනය කිරීම 3Zero නිවස මගින් අරමුණු කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රථම  3Zero නිවස විවෘත කිරීම

මඩකළපු දිස්ත්‍රික්කයේ වෙල්ලවවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ප්‍රථම  3Zero නිවාස විශ්වවිද්‍යාලය විවෘත කිරීම

වවුනියා දිස්ත්‍රික්කය තුළ දෙවන 3Zero නිවස විවෘත කිරීම

චක්‍රීය ආර්ථිකයක් උදෙසා විසඳුම් පූර්ව නිශ්චය කිරීම  

PLASTICS ව්‍යාපෘතියේ කොටසක් ලෙස, 3Zero නිවස මගින්  2024 මැයි මාසයේදී ප්ලාස්ටික් වටිනාකම් දාමයේ වන පරතරයන් පියවා ගැනීම සඳහා නව්‍ය ව්‍යවසායයන් සඳහා කැඳවුමක් දියත් කරන ලදී. මෙහි පර්මාර්ථය වන්නේ විකල්ප ඇසුරුම්කරණය, ප්ලාස්ටික් නැවත භාවිතය සහ 3R (අඩු කිරීම, නැවත භාවිතා කිරීම, ප්‍රතිචක්‍රීකරණය) ප්‍රවේශය ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍රවල පරිමාණය කළ හැකි, දේශීයව මෙහෙයවනු ලබන විසඳුම් සොයා ගැනීමයි.

නිර්මාණශීලී අදහස් ගණනාවක් අතුරින් අදාළ සබඳතාවන් ගොඩනගාගැනීම සහ ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවන් හුවමාරු කරගැනීම ඉලක්ක කරගනිමින් RTI International, AOD Design Academy, NIA, LIIN, GLX, Yarl IT වැනි පාරිසරික පද්ධති (ව්‍යාපාරික පාරිසරික පද්ධති) තුළ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන්ගේ සහයෝගීතාව ඇතිව සකස් කෙරුනු ව්‍යාපාරයන්හි විවිධ වූ අංශ ඇතුළත් පූර්ව සැලසුම්කරණ වැඩසටහනක් (සිවු මාසික) සඳහා පුරෝගාමී ව්‍යාපාර 08 ක් තෝරාගනු ලැබිනි. මෙම වැඩසටහන මඟින් ධාරිතා වර්ධනය සහ මෙම ව්‍යාපාරයන්හි නිශ්චිත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද පුහුණු තුළින් මෙම ව්‍යාපාර සවිබල ගැන්වීම සිදු කරයි.  

සමූහය හමුවෙමු

  • 💡 මෙම ව්‍යාපාරයන් අතුරින් කිසිදු ව්‍යාපාරයක් සෘජුව ප්ලාස්ටික්ස් අගය දාමයේ වන ව්‍යාපාරයන් නොවේ – නමුත් ඔවුන් අදාළ අභියෝගයනට නිර්මාණශීලී අයුරින් මුහුණ දෙති !
  • 💪 මෙ ව්‍යාපාරයන් අතුරින් ව්‍යාපාර 6ක්  කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ඒවා වේ.
  • 🧪 විකල්ප ඇසුරුම්කරණ ක්ෂේත්‍රයෙහි වන ව්‍යාපෘති අතුරින් 2 ක් ඒවායේ මූලික අවධීන්හි පසුවන ව්‍යාපෘති වේ.   
  • 👗 ව්‍යාපෘති 3 ක් විලාසිතා කර්මාන්තය තුළ තිරසර අනාගතයක් සකසා ගනිමින් හිඳිති  
  • 🏗 එක් ව්‍යාපෘතියක් ගොඩනැගිලි කර්මාන්තය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිලිබඳව නවතම දෘෂ්ඨියකින් විමසිමින් සිටියි.
  • 🛋 එක් ව්‍යාපෘතියක් ගෘහ භාණ්ඩ සහ සැපයුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නව අදහස් අතහදා බලමිනි සිටියි.

ව්‍යවසායකයින්

මෙම මුල් පියවර මගින් කර්මාන්ත නැවත හැඩගැස්වීම සහ ඒ තුළ තිරසාර වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය සවිය තරුණ ව්‍යවසායකයින් සතු බව සනාථ වේ.

  • ALKE යනු වරකට එක් කසළ අයිතමය බැගින් බැහැර කිරීමේ මෙහෙයුම මත පිහිටා සිටිමින් ඒවායින් අලංකාරවත් මෙන්ම නිර්මාණශීලී කළාත්මක ආභරණ නිර්මාණයෙහි නියැලී සිටින ආයතනයකි. ඉඩම් ගොඩකිරීම වෙනුවෙන් නියම වීමට පෙර අපගේ ප්‍රජාවන් වෙතින් සෘජුවම එක්රැස් කරගනු ලබන වරක් භාවිතා කොට ඉවතදමන PET බෝතල්, පොලිතීන් බෑග්, සෝඩා කෑන් වැනි ගෘහස්ථ කසළ මෙම ස්ටූඩියෝව තුළ සැකසීමට ලක් කෙරෙනු ලැබේ. 
  • Ample යනු වයස අවු. 18 – 55 ත් අතර වයස් සීමාවන්හි වන කාන්තාවන්ගේ ඇඟළුම් සඳහා වෙන්වුනු තිරසර විලාසිතා සන්නාමයකි. වත්මන් විලාසිතා ලෝකය තුළ නව ප්‍රවණතාවන් අන්තර්ගතව සැකසුන කාර්යාලීය විලාසිතාවන්,සරළ කාර්යාලීය විලාසිතාවන් මෙන්ම උත්සව අවස්ථා වෙනුවෙන් සැකසුනු විලාසිතාවන්ගෙන් සමන්විත ග්‍රණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන සකසන ලද ඔවුනටම අනන්‍ය වූ විලාසිතාවන් රැසක් දැරිය හැකි මිල ගණන් වලට ඔවුන් වෙතින් ලබාගැනීමේ හැකියාව පවතී. මෙහි විශේෂත්වය වන්නේ  විශාලත්වයෙන් වැඩි ඇඟළුම් අවශ්‍යතා පිලිබඳවද ඔවුන් විශේෂ අවධානයක් යොමු කර තිබීමයි.    
  • Solocycle ආයතනය ඉක්මනින් වෙනස් වන විලාසිතාකරණයන් මගින් ජනනය වන ප්ලාස්ටික් දූෂණය ට පිලියමක් ලෙස, භාවිතයේන බැහැර කෙරෙන ප්ලාස්ටික් සපත්තු අඩි ප්‍රතිචක්‍රීකරණය කොට එමගින් දැරිය හැකි මුදලකට මිලදී ගතහැකි ඉහළ ගුණාත්මක භාවයකින් යුත් පාවහන් නිහ්පාදනයෙහි නියැලී සිටිති.  
  • Invent of Minds යනු වරක් භාවිතා කොට ඉවත දමනු ලබන ප්ලාස්ටික් අයිතම වෙනුවට විකල්පයක් ලෙස උණ ලී භාවිතා කරමින් කාර්යාලීය අයිතම නිශ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කිරීමේ අදහස කේන්ද්‍ර කරගනිමින් ඒ වටා ගොඩනැගුණු ව්‍යාපාරයකි. 
  • Star Mushrooms ව්‍යාපාරය බිම්මල් වගාව, සැපයුම සහ බෙදාහැරීමෙහි ලා පුරෝගාමීව කටයුතු කරන කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන පවුලේ ව්‍යාපාරයකි. වත්මන වනවිට ඔවුන් මයිසීලියම් ඇසුරුම්කරණය ( mycelium packaging –  බිම්මල් වල මුල් පද්ධතිය සහ දැවකුඩු යොදාගෙන නිපදවනු ලබන මෙම අමුද්‍රව්‍යය ප්ලාස්ටික් සදහා ගුනාත්මක ආදේශකයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී)   ) පිලිබඳ තම පර්යේෂණයන් පුළුල්ව සිදුකරගෙන යමින් සිටිති 
  • Teshvo ආයතනය මේ වනවිට, වරක් භාවිතා කොට ඉවත ලන තුනී ප්ලාස්ටික් ආවරණ වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කළහැකි ඝණකමින් අඩු ජෛවහායනීය ආවරණයක් ගොඩනගමින් හිඳිති
  • Shells Ceylon යනු වරක් භාවිතා කොට ඉවත දමනු ලබන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, කෝප්ප සහ බඳුන් භාවිතය අවම කොට ඒ වෙනුවට ආහාරයට ගත හැකි හැඳි, ගෑරුප්පු සහ වොෆල් කෝන් නිශ්පාදනය කිරීමට ඉලක්ක කරන පරිසර හිතකාමී සමාගමකි
  • AGC Innovate සමාගම ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි, ෂොපින් බෑග්, බිස්කට් දවටන සහ චොකලට් දවටන වැනි, නිරන්තරවම පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයන් විසින්ද නොසලකා හරිනු ලබන,බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගනිමින් “Plastic Modified Asphalt Concrete (PMAC),” යන මාර්ග, අධිවේගී මාර්ග, රථගාල් සහ අංගන සඳහා යොදාගන්නා තාර ඇතිරීම් නිශ්පාදනය සිදු කරන ආයතනයකි

ප්ලාස්ටික් වලින් තොර තිරසර අනාගතයක් කරා පියමං කරන අප ගමන පිළිබඳව නවතම තොරතුරු දැනගැනීම පිනිස අප සමගින් රැඳී සිටින්න!

EU වෙබ් අඩවියේ ලිපිය

Share this post

Biodiversity Sri Lanka

Biodiversity Sri Lanka (BSL) is an entirely private sector owned and driven platform established to promote strong engagement of the corporate sector in Biodiversity and environmental conservation issues in Sri Lanka.