
පෘථිවිය සුරැකීමෙන් ඔබට මුදල් ඉතිරි කර ගත හැකි නම්? වත්මනෙහි පවතින තරඟකාරී වෙළඳපොළ තුල හරිතකරණයට යොමුවීම පෘථිවියට පමණක් නොව – ඔබේ සමාගමේ ලාභයටද යහපත් වේ. විශාල සමාගම් පාරිසරික සහතික සඳහා මිලියන ගණනින් ආයෝජනයන් සිදු කරන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහෝ විට ISO 14001 වැනි කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණත්වය සහ පිරිවැය සමඟ ගැටෙති. නමුත් මෙහෙයුම් පිරිවැය අඩු කරන අතරතුර වැඩි ගනුදෙනුකරුවන් ගණනක් ආකර්ෂණය කර ගනිමින් ඔබේ ව්‍යාපාරය මගින් සිදුවන පාරිසරික බලපෑම අඩු කිරීමට සරල, ලාභදායී ක්‍රමයක් පැවතිණි නම් එය කෙසේ වනු ඇතිද? ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයක් සඳහා ගැලපෙන මෙන්ම තිරසරබව වෙත ප්‍රායෝගිකව මගපෙන්වන පාරිසරික කළමනාකරණ පද්ධති කරලියට එන්නේ එතැනිනි.

පාරිසරික කළමනාකරණ පද්ධතියක (EMS) ප්‍රතිලාභ
පාරිසරික වශයෙන් අවදානම් ක්ෂේත්‍ර හඳුනා ගැනීම: ISO 14001 වැනි EMS සහතික කිරීම් මඟින් අවදානම් සහගත ක්ෂේත්‍ර, අපද්‍රව්‍ය සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ව්‍යාපාර මගින් ව්‍යුහගත ප්‍රවේශයක් අනුගමනය කරනු ලබන බව සහතික කරයි, එමඟින් සම්පත් පරිභෝජනය, විමෝචනයන් මෙන්ම අපද්‍රව්‍ය අවම කිරීමට ඔවුන්ට ඉඩ සැලසේ. මෙම පියවර ගැනීම ඔස්සේ, එම ව්‍යාපාරයන් මගින් අපගේ ග්‍රහලෝකයට සිදුවන ඍණාත්මක බලපෑම් අඩු වනවාට අමතරව, පරිසර හිතකාමී ආයතන ලෙස ඔවුන්ගේ ආයතනික ප්‍රතිරූපය වැඩි දියුණු වීමද සිදු වේ.
පිරිවැය ඉතිරිකිරීම් සහ කාර්යක්ෂමතාව: අපද්‍රව්‍ය අවම කරන්නාවූ මෙන්ම ඉන්ධන පරිභෝජනය සහ ජලය වැනි සම්පත් ප්‍රශස්ත අයුරින් භාවිතය දිරිමත් කරන්නාවූ ක්‍රමවේදයන් දිරිමත් කිරීම ඔස්සේ පාරිසරික කළමණාකරණ පද්ධතියකට මෙහෙයුම් විධිමත් කිරීමේ හැකියාව ලැබෙන අතර එමගින් උපයෝගිතා පිරිවැය අවම වීමත්, භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ වියදම් අඩු වීමත් සිදුවේ . මීට අමතරව , පාරිසරික කළමණාකරණ පද්ධතියක් පාරිසරික රෙගුලාසි වලට අනුකූල වීම දිරිගන්වයි, එමඟින් ව්‍යාපාරයනට අදාළ නීති රීති සහ රෙගුලාසීන්ට අනුකූල නොවීම හේතුවෙන් ගෙවන්නට සිදුවීමට ඉඩ ඇති අධික දඩ මුදල් හෝ දඬුවම් වළක්වා ගත හැකිය.

වැඩිදියුණු කළ වෙළඳපල තරඟකාරිත්වය: පාරිභෝගිකයින් සහ ආයෝජකයින් තිරසාරභාවයට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන විට, මනාව ස්ථාපනය වූ පාරිසරික කළමණාකරණ පද්ධතියක් මගින් පාරිසරික වගකීම වෙනුවෙන් ව්‍යාපාරයක කැපවීම පෙන්වා දිය හැකි අතර ඒ ඔස්සේ පරිසර හිතකාමී ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකිය. මෙමගින් නව ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටු විවෘත කළ හැකි අතර වෙළඳපොල තුළ ව්‍යාපාරයේ තත්ත්වය ශක්තිමත් කළ හැකිය.
ISO 14001 අනුගමනය කිරීමේදී එල්ල වන අභියෝග
ඉහළ ආරම්භක පිරිවැය සහ සම්පත් අවශ්‍යතා : විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයනට මූලික පිරිවැය හා ඒ් ආශ්‍රිත වියදම් සැලකිය යුතු බාධකයක් විය හැකිය. පාරිසරික කළමණාකරණ පද්ධතියක් ගොඩනැගීමත් එය අන්තර්ග්‍රහණය කරගැනීමත් සඳහා සැලකිය යුතු කාලයක්, විශේෂඥතාවක් සහ වෑයමක් අවශ්‍ය විය හැකිය. තෙවන පාර්ශවීය සහතික කිරීමේ පිරිවැය ද සැලකිය යුතු මට්ටමේ විය හැකි අතර, බොහෝ ව්‍යාපාරයනට මෙය සාධාරණීකරණය කිරීම ගැටළු සහගත වී ඇත්තේ විශේෂයෙන්ම පාරිසරික කළමණාකරණ පද්ධතියක් උදෙසා ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ස්පර්ශ්‍ය(පියවි ඇසට පෙනෙන ආකාරයේ ඒ්වා ) නොවන බැවිනි.
අඛණ්ඩ අධීක්ෂණය සහ නඩත්තුව: අඛණ්ඩ අධීක්ෂණය, ඇගයීම සහ වැඩිදියුණු කිරීම යන දේ සිදුකිරීමේ අවශ්‍යතාවය කාලය සහ සම්පත් යන අංශ දෙක වෙතින්ම ඉහළ අපේක්ෂාවන් ජනනය කරන සුළු විය හැකිය. බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, මෙම අමතර කාර්යයන් රැස බොහෝ විට අගය එකතු කරන ක්‍රියාකාරකම් මාලාවක් ලෙස නොව බාධාවක් ලෙස දකිති.
ISO 14001 සහතිකය ලබාගැනීමේ ප්‍රවණතාවය අඩු වීමට හේතුව කුමක්ද?
ISO 14001 හි විභව ප්‍රතිලාභ පැහැදිලිව දක්නට තිබියදීත්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළ එය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ අභියෝග, එයට සාපේක්ෂව අඩු පිළිගැනීමක් ඇතිකිරීමට දායක වී ඇත. ඵලදායී පාරිසරික කළමණාකරණ පද්ධතියක් ස්ථාපනය කර පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික පිරිවැය, එහි සංකීර්ණත්වය සහ ඒ සඳහා වැයවන කාලය හේතුවෙන් බොහෝ ව්‍යාපාරයන් මෙම ප්‍රමිතිය අනුගමනය කිරීමට මැලිකමක් දක්වති.
ISO 14001 වෙතින් සැලකිය යුතු මට්ටමේ පාරිසරික, මූල්‍ය සහ තරඟකාරී ප්‍රතිලාභයන් සපයනු ලැබූවද, විශේෂයෙන් කුඩා ව්‍යාපාර සඳහා එය ඇතුළත් කර ගැනීම හා සම්බන්ධ අභියෝග සැලකිය යුතු මට්ටමක පවතී.
විසඳුම
මෙය සිහි තබා ගනිමින්, සැබෑ වෙනසක් ජනනය කරන අතරතුර මෙහෙයුම් කාර්යසාධනය ඉහළ නැංවීම පිණිස , ISO 14001 ප්‍රමිතියේ ඇතැම් ප්‍රධාන අංග සමඟ පෙළගැසීමට සහය වීම සඳහා ආසියාවේ STENUM හිදී QEMS හෙවත් quick පරිසර කළමනාකරණ පද්ධතිය (QEMS) ගොඩනගා තිබේ.
QEMS යනු සරල කරවන ලද එමෙන්ම වේගවත් නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සකස් කර ඇති ඵලදායී පාරිසරික කළමනාකරණ පද්ධතියකි, ISO 14001 හි ඇතැම් අංශ හෝ අවශ්‍යතා කේන්ද්‍රගතව ඇති බැවින්, මෙම පියවර ISO 14001 වෙත සරල හා වඩා කළමනාකරණය කළ හැකි පළමු පියවරක් ලෙස සැලකේ. QEMSයොමු මගින් සිදු වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සඳහා වටිනාකමක් ලබා දෙන පාරිසරික කළමණාකරණ පද්ධතියෙහි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරන අතරම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය මගින් වන පාරිසරික බලපෑම අඩු කිරීමට ද QEMS උපකාරී වේ.
