
ප්ලාස්ටික්ස් : ශ්‍රී ලංකාව තුළ තිරසර, පරිවර්තනීය මෙන්ම අන්තර්කරණීය වූ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා දීර්ඝ කාලීන ප්‍රවේශයන් දිරිගැන්වීම

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 500,000 අධික ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර දළ වශයෙන් සමස්තයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.56 ක ප්‍රමාණයක් වැරදි අයුරින් කළමණාකරණය කෙරෙන බව සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයෙහි වන ලබාගැනීම නිපැදවීම – බැහැර කිරීම යන රේඛීය ආකෘතිය වඩාත් චක්‍රීය ප්‍රවේශයක් ඔස්සේ ලබාගතහැකි ආර්ථිකමය ප්‍රතිලාභයන් ලඟාකරගැනීමට අසමත් ආකෘතියක් වේ.
යුරෝපා සංගමය මගින් ප්‍රතිපාදන සපයනු ලබන ප්ලාස්ටික්ස් ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාත තුළ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි (SMEs) සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය, චක්‍රීය නවෝත්පාදනයන්, හරිත මූල්‍යය සහ තිරසර කසළ කළමණාකරණය (SWM) යන ක්‍රමවේදයන් ඔස්සේ ප්ලාස්ටික් අගය හා සැපයුම් දාමය තුළ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ වයවසායයන් 150 කට, ව්‍යවසායකයන් 10 දෙනෙකු හට, ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් 50 කට, මූල්‍ය සහ රාජ්‍ය ආයතන 10 කට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් රැසකට හරිත ව්‍යාපාරයන් සංවර්ධනයෙහි ලා හිතකර වටපිටාවන් ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දෙනු ඇත, ව්‍යාපාරයනට, විශේෂයෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයනට ඒවායේ සමස්ත තරඟකාරීත්වය සහ පිරිවැය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ඔස්සේ තම අගය එකතු කිරීම් ඉහල නංවා ගැනීමට සහාය සැපයෙනු ඇත.
පරමාර්ථය
මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය හරිතමය අගය සහ සැපයුම් දාමයන් තුළට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අන්තර්ගත කරවාගැනීම මගින් ශ්‍රී ලංකාව තුළ තිරසර මෙන්ම නවීන වූ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ක්‍රමවේදයන් සහ කළමණාකරණයන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ රටෙහි ආර්ථික සංවර්ධනයට සහ පාරිසරික තිරසරභාවයට දායක වීමයි.
අපේක්ෂිත ප්‍රතිඵල
- ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයන්හි වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විසින් චක්‍රීය ආර්ථික ක්‍රමෝපායයන් අනුගමනය කරති.
- ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයන් පුරාවට නව මෙන්ම චක්‍රීය වූ ආර්ථික ප්‍රවේශයන් ප්‍රචලිත කරවනු ලැබේ.
- විශේෂයෙන්ම ක්‍රඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අතර හරිත ආර්ථික මූලාරම්භයන් ඉහළ නැංවීම සඳහා මූල්‍යය වෙත සහ හරිත ආයෝජනයන් වෙත වන ප්‍රවේශයන් ඉහළ දමනු ලැබේ..
- රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සංවාදයන්, සහයෝගීතාවන් සහ අධීක්ෂණයන් ඔස්සේ තිරසර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව වන එකඟතාවන්, විනිවිදභාවයන් සහ ඒ පිළිබඳ සොයාබැලීමේ හැකියාව සවිමත් කෙරේ.

