හරිත අනාගතයක් සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම: “ප්ලාස්ටික්ස්” ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාර සැලසුම් පුහුණුව

ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් වෙත හුවමාරු වීමේ ක්‍රියාවලිය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙය හඳුනා ගනිමින්, යුරෝපා සංගමයේ අරමුදල් මත ක්‍රියාත්මක  “ප්ලාස්ටික්ස් ” ව්‍යාපෘතිය මගින්  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ අගය දාමය තුල වන  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 152ක්, තිරසරභාවය සහ ලාභදායිත්වය ක්‍රියාවෙහි යෙදවීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපාරික කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම සිදු කර ඇත.

 

මෙම ව්‍යාපෘතිය මගින් කර්මාන්ත සේවා කාර්යාංශයේ (ISB) සහයෝගීතාවය ඇතිව, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ  පස් දින ව්‍යාපාර සැලසුම් සැකසීමේ කඩිනම් පුහුණු වැඩසටහන් හතක් සාර්ථකව පවත්වා ඇත. ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පවත්වන ලද මෙම සැසිවාරයන් මගින් මේ වනවිටත්  සවිස්තරාත්මක ව්‍යාපාර සැලසුම් 113ක් නිර්මාණය කර ඇති අතර තවත් සැලසුම් අටක් සැකසෙමින් පවතී. තවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 15-20 ත් අතර ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් අමතර පුහුණු සැසියක් 2024 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට දින නියම කරගෙන ඇත.

සාර්ථකත්වය උදෙසා පදනමක් සකසමින්

ඉහත පුහුණු වැඩසටහන් ව්‍යාපාර සැලසුම්හි මූලික අවධිය ඉක්මවා යන අතර දීර්ඝකාලීන උපායමාර්ගයන්ට තිරසරබව සහ නවෝත්පාදනය යන මූලධර්ම ඇතුළත් කරවීම අරමුණු කරයි. එම ව්‍යපාර සැලසුම්හි පහත කරුණු අන්තර්ගත වේ.

  • ආයතනයේ වැඩිදියුණුවට මග පෙන්වීම සඳහා සැකසුණු දැක්ම, මෙහෙවර සහ අරමුණු
  • මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීම සඳහා අලෙවිකරණය, නිෂ්පාදනය සහ මානව සම්පත් සැලසුම්.
  • දැනුවත් තීරණ ගැනීම සඳහා මූල්‍ය ප්‍රක්ෂේපන (ආයතනයේ අනාගත මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව වන ලේඛණ) සහ අනුපාත විශ්ලේෂණයන් (ආයතනයේ මූල්‍ය ප්‍රකාශයෙහි වන විවිධ මූල්‍ය අයිතම පිලිබඳව වන දත්ත ඇගයීම ඔස්සේ  අදාළ ආයතනයේ මූල්‍ය කාර්යසාධනය ඇගයීම) සිදු කිරීම.

සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය, පිවිතුරු නිශ්පාදන, හරිත ආයෝජනයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් ඇතුළත් කරගැනීම  වැනි තීරණාත්මක සාධක අන්තර්ගත කරගැනීම සහ ඒ ඔස්සේ තම ව්‍යාපාරයන් චක්‍රීය ආර්ථිකය සමගින් පෙළගැස්වීම පිළිබඳව සහභාගී වූවන් පුහුණු කරවන ලදී.

සැලසුම් අභිවෘද්ධිය/ප්‍රගතිය කරා ගෙනයාම

මෙම පුහුණුවල බලපෑම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයක් සඳහා පරිවර්තනීය ලෙස බලපා තිබේ.  

  • ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම්:  සහභාගීවන්නන් තම මෙහෙයුම් යළි සකස් කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම පිලිබඳව ප්‍රායෝගිකව දැනුවත් වන ලදී.
  • වඩා යහපත් මූල්‍යමය අවබෝධයක්  : පුහුණුවට සහභාගී වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට දැන් ලාභ අලාභ විශ්ලේෂණය පිළිබඳව අවබෝධයක් ඇති අතර එබැවින් ඔවුන් වඩාත් ප්‍රඥාවන්ත ආයෝජනයන් සිදුකිරීමට සමත් වෙති.   
  • ප්‍රතිපාදන වෙත පිවිසීමේ හැකියාව : ව්‍යාපාරයන් කිහිපයකටම තමන් විසින් සකසන ලද වෘත්තීයමය ව්‍යාපාර සැලසුම් උපයෝගී කරගනිමින් බැංකු ණය පහසුකම් මෙන්ම ප්‍රදානයන් ද ලබාගැනීමට හැකියාව ලැබී ඇත.    

ඉහත ව්‍යාපාර සැලසුම් මගින් තවදුරටත් PLASTICS ව්‍යාපෘතිය වෙතින් ඉදිරිපත් කෙරෙන වෙනත් අවස්ථාවන් වෙත ප්‍රව්ශයන්ද සලසා දෙයි, ඒ අතරට පහත කරුණුද ඇතුළත් වේ.

  • හරිත මූල්‍ය  සහ RECP ( සම්පත් කාර්යක්ෂමව භාවිතය සහ පිවිතුරු නිශ්පාදන) ඇගයුම්
  • QEMS පාරිසරික කළමණාකරණ පද්ධති සහතිකකරණය සහ ISO 14001 අනුකූලතා සහතිකකරණය.
  • ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හමු සඳහා සහභාගී වීමේ හැකියාව සහ ඒ ඔස්සේ වටිනා වෙළඳපොළ සබඳතා ගොඩනගාගැනීමේ හැකියාව.

සාමූහික ප්‍රයත්නයක්

මෙම පුහුණුවල සාර්ථකත්වය, ISB, ACTED යන ආයකනවල මෙන්ම ප්ලාස්ටික්ස් ව්‍යාපෘතියේ සාමූහික ප්‍රවේශය පිළිබඳව සාක්ෂියකි. විශේෂඥ පුහුණුකරුවන් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව විශේෂඥයින් පුහුණු සැසි මෙහෙය වූ අතර ACTED ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කටයුතු සහ කාර්ය සම්පාදන ක්‍රියාකාරකම් සුමටව මෙහෙයවනු ලැබිණි  

තිරසර බව කරා දිවෙන මාවතක්

තිරසර භාවිතයන් අනුගමනය, තම මෙහෙයුම් වැඩිදියුණු කරගැනීම මෙන්ම තරඟකාරී වෙළඳපොළක් තුළ සවිමත්ව නැගී සිටීමට අවශ්‍ය සවිය ව්‍යවසායයන්ට ලබාදීම ඔස්සේ මෙම මූලාරම්භය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයකට තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත.  චක්‍රීය ආර්ථික මූලධර්මයන් තම ව්‍යාපාර සැලසුම් තුළට අන්තර්ග්‍රහණය කරගැනීම ඔස්සේ මෙම ව්‍යවසායයන් තම ව්‍යාපාරය මගින් ජනිත වන පාරිසරික බලපෑම අවම කරගැනීමට මෙන්ම තම නම්‍යශීලත්වය සහ ලාභ ඉපයීමේ හැකියාවන් සවිමත් කරගැනීමට සමත්ව ඇත.  

Share this post

Biodiversity Sri Lanka

Biodiversity Sri Lanka (BSL) is an entirely private sector owned and driven platform established to promote strong engagement of the corporate sector in Biodiversity and environmental conservation issues in Sri Lanka.