
හරිතමය අනාගතයකට මං තනමින් : ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්ලාස්ටික්ස් ව්‍යාපෘතිය

ප්ලාස්ටික්ස් : ශ්‍රී ලංකාව තුළ තිරසර, පරිවර්තනීය මෙන්ම අන්තර්කරණීය වූ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා දීර්ඝ කාලීන ප්‍රවේශයන් දිරිගැන්වීම

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 500,000 අධික ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර දළ වශයෙන් සමස්තයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.56 ක ප්‍රමාණයක් වැරදි අයුරින් කළමණාකරණය කෙරෙන බව සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයෙහි වන ලබාගැනීම නිපැදවීම – බැහැර කිරීම යන රේඛීය ආකෘතිය වඩාත් චක්‍රීය ප්‍රවේශයක් ඔස්සේ ලබාගතහැකි ආර්ථිකමය ප්‍රතිලාභයන් ලඟාකරගැනීමට අසමත් ආකෘතියක් වේ.
යුරෝපා සංගමය මගින් ප්‍රතිපාදන සපයනු ලබන ප්ලාස්ටික්ස් ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාත තුළ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි (SMEs) සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය, චක්‍රීය නවෝත්පාදනයන්, හරිත මූල්‍යය සහ තිරසර කසළ කළමණාකරණය (SWM) යන ක්‍රමවේදයන් ඔස්සේ ප්ලාස්ටික් අගය හා සැපයුම් දාමය තුළ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ වයවසායයන් 150 කට, ව්‍යවසායකයන් 10 දෙනෙකු හට, ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් 50 කට, මූල්‍ය සහ රාජ්‍ය ආයතන 10 කට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් රැසකට හරිත ව්‍යාපාරයන් සංවර්ධනයෙහි ලා හිතකර වටපිටාවන් ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දෙනු ඇත, ව්‍යාපාරයනට, විශේෂයෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයනට ඒවායේ සමස්ත තරඟකාරීත්වය සහ පිරිවැය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ඔස්සේ තම අගය එකතු කිරීම් ඉහල නංවා ගැනීමට සහාය සැපයෙනු ඇත.
පරමාර්ථය
මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය හරිතමය අගය සහ සැපයුම් දාමයන් තුළට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අන්තර්ගත කරවාගැනීම මගින් ශ්‍රී ලංකාව තුළ තිරසර මෙන්ම නවීන වූ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ක්‍රමවේදයන් සහ කළමණාකරණයන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ රටෙහි ආර්ථික සංවර්ධනයට සහ පාරිසරික තිරසරභාවයට දායක වීමයි.
අපේක්ෂිත ප්‍රතිඵල
- ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයන්හි වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විසින් චක්‍රීය ආර්ථික ක්‍රමෝපායයන් අනුගමනය කරති.
- ප්ලාස්ටික් අගය සහ සැපයුම් දාමයන් පුරාවට නව මෙන්ම චක්‍රීය වූ ආර්ථික ප්‍රවේශයන් ප්‍රචලිත කරවනු ලැබේ.
- විශේෂයෙන්ම ක්‍රඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අතර හරිත ආර්ථික මූලාරම්භයන් ඉහළ නැංවීම සඳහා මූල්‍යය වෙත සහ හරිත ආයෝජනයන් වෙත වන ප්‍රවේශයන් ඉහළ දමනු ලැබේ..
- රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සංවාදයන්, සහයෝගීතාවන් සහ අධීක්ෂණයන් ඔස්සේ තිරසර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව වන එකඟතාවන්, විනිවිදභාවයන් සහ ඒ පිළිබඳ සොයාබැලීමේ හැකියාව සවිමත් කෙරේ.



பசுமையான எதிர்காலத்தை வடிவமைத்தல்: இலங்கையில் பிளாஸ்டிக் (PLASTICS) திட்டம்

PLASTICS: இலங்கையில், நிலைபேறான, மாற்றமடையும் மற்றும் சுழற்சிபொருளாதாரத்தை உள்ளடக்கிய நீண்டகால அணுகுமுறைகளை ஊக்குவித்தல்.

வருடாந்தம் 500,000 தொன் பிளாஸ்டிக் இலங்கையில் இறக்குமதி செய்யப்படுகின்றது. ஒட்டுமொத்தமாக 1.59 மில்லியன் பிளாஸ்டிக் கழிவுகள் தவறாக நிர்வகிக்கப்படுவதாக மதிப்பிடப்பட்டுள்ளது. இலங்கையில் பிளாஸ்டிக் பெறுமதி மற்றும் விநியோகச் சங்கிலியின் (V/SC) நேரியல் எடுத்தல்-உற்பத்தி-அகற்றல் மாதிரி சுழற்சி பொருளாதார அணுகுமுறையின் நன்மைகளைப் பெறுவதை தவறிவிட்டது.
48 மாதங்களுக்கும் மேலாக, ஐரோப்பிய ஒன்றியத்தின் நிதியுதவியுடன் செயற்படுத்தப்படும் PLASTICS திட்டம், மேற்கு மாகாணத்தில் உள்ள சிறு மற்றும் நடுத்தர தொழில்முனைவுகளின் (SMEs) வள செயற்திறன், சுழற்சிப் புத்தாக்கம் பசுமை நிதியியல் மற்றும் நிலைபேறான கழிவு முகாமைத்துவ (SWM) கட்டமைப்புகள் ஊடாக பிளாஸ்டிக் பெறுமதி மற்றும் விநியோக சங்கிலியில் பொருளாதார வளர்ச்சியை மேம்படுத்துவதை நோக்கமாகக் கொண்டுள்ளது.
பசுமை வணிக மேம்பாட்டிற்கான, ஒருங்கிணைந்த சூழலை மேம்படுத்துவதற்காக 150 சிறு மற்றும் நடுத்தர தொழில்முனைவுகள் (SMEs), 10 தொழில்முனைவோர், 50 வணிக மேம்பாட்டு சேவை வழங்குநர்கள், 10 நிதி மற்றும் அரசு நிறுவனங்கள் மற்றும் தனியார் துறை நிறுவனங்களுக்கு ஆதரவளிக்கப்படும். வணிகங்கள், குறிப்பாக பெண்கள் வழிநடத்தும் வணிகங்களின் பெறுமதி சேர்க்கையை ஊக்குவித்து, மொத்த போட்டித் திறன் மற்றும் செலவு வினைத்திறனை மேம்படுத்த ஆதரவு வழங்கப்படும்.
குறிக்கோள்
று மற்றும் நடுத்தர தொழில்முனைவுகளை பசுமையான பெறுமதி மற்றும் விநியோகச் சங்கிலிகளால் ஒருங்கிணைப்பதன் மூலம், இலங்கையில் நிலைபேறான மற்றும் புதுமையான பிளாஸ்டிக் குறைப்புடன் முகாமைத்துவத்தை எளிதாக்கி, பொருளாதார செழிப்பு மற்றும் நிலைபேறான சுற்றுச் சூழலுக்கு பங்களிப்பதே இத் திட்டத்தின் நோக்கமாகும்.
திட்டமிடப்பட்ட வெளியீடுகள்
- பிளாஸ்டிக் V/SC யில் உள்ள SME க்கள் சுழற்சிப் பொருளாதார உத்திகளைப் பின்பற்றுகின்றன.
- பிளாஸ்டிக் V/SC முழுவதும் புதுமையான, சுழற்சிப் பொருளாதார அணுகுமுறைகள் நெறிப்படுத்தப்பட்டுள்ளன.
- பசுமைப் பொருளாதார முயற்சிகளை அதிகரிக்க, குறிப்பாக SME -க்களிடையே நிதி மற்றும் பசுமை முதலீடுகளுக்கான அணுகல் அதிகரிக்கப்படுகிறது.
- பொது-தனியார் உரையாடல், ஒத்துழைப்பு மற்றும் கண்காணிப்பு மூலம் பிளாஸ்டிக் நிலைபேறான கழிவு முகாமைத்துவத்திற்கான வழியறிதல், வெளிப்படைத்தன்மை மற்றும் இணக்கம் ஆகியவை வலுப்படுத்தப்படுகின்றன.



வியாபாரத் திட்டம் உருவாக்கல் பயிற்சியின் மூலம் SME களின் வளர்ச்சியை ஊக்குவித்தல்

இலங்கையின் மேற்கு மாகாணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சி பெறுமதிச் சங்கிலியில் ஈடுபாடுகளைக் கொண்டுள்ள சிறிய மற்றும் நடுத்தர தொழில்முனைவுகளுக்கு (SMEs) வியாபாரத் திட்டம் தயாரிப்பு தொடர்பான முழுமையான 7 பயிற்சி நிகழ்ச்சித் திட்டங்களை தொழிற்துறை சேவைகள் பணிமனை (ISB) வெற்றிகரமாக நிறைவு செய்தது. இந்த நிகழ்ச்சித்திட்டங்கள் ஒவ்வொன்றும் 5-நாட்கள் கொண்டதாக அமைந்திருந்தது. ஐரோப்பிய ஒன்றியத்தின் (EU) நிதியுதவியில் முன்னெடுக்கப்படும் PLASTICS திட்டத்தின் கீழ் நடத்தப்பட்ட இந்த நிகழ்ச்சித்திட்டங்கள், நவம்பர் 2024 இன் இறுதியில் 113 தனிப்பட்ட வியாபாரத் திட்டங்கள் உருவாக்கப்படுவதற்கு வழிவகுத்தன, மேலும் எட்டு வியாபாரத் திட்டங்களின் தயார்படுத்தல் தற்போது நடைபெறுகிறது. டிசம்பர் 2024 இல் 15-20 SME களுக்கு இன்னொரு பயிற்சி அமர்வு நடத்தப்படத் திட்டமிடப்பட்டுள்ளது.
திட்டப் பயனாளிகள் வலுவான 5-வருட வியாபாரத் திட்டங்களை உருவாக்க அவர்களுக்கு உதவுவதே இந்த முன்னெடுப்பின் முக்கிய இலக்காக அமைந்துள்ளது. வளங்களை வினைத்திறனுடன் பயன்படுத்தல், தூய்மையான உற்பத்தி முறைகளைக் கைக்கொள்ளல், பேண்தகுநிலையான நுகர்வை மேம்படுத்தல், பசுமை முதலீடுகளை ஊக்குவித்தல், அத்துடன் சமூக உள்வாங்கல் மற்றும் பால்நிலை சமத்துவம் என்பவற்றை உறுதி செய்தல் போன்ற முக்கிய விடயங்களில் இந்த வியாபாரத் திட்டங்கள் கவனம் செலுத்துகின்றன. இந்த செம்மையாக்கப்பட்ட அணுகுமுறையை பின்பற்றுவதன் மூலம், பிளாஸ்டிக்குகள் எவ்வாறு சேகரிக்கப்படுகின்றன, மீள்சுழற்சி செய்யப்படுகின்றன, உற்பத்தி செய்யப்படுகின்றன மற்றும் சந்தைப்படுத்தப்படுகின்றன என்பன போன்ற அம்சங்களை மேம்படுத்துவதன் மூலம் சுழற்சிப் பொருளாதாரத்துக்கு ஆதரவளிப்பதை இந்த முன்னெடுப்பு குறியிலக்காகக் கொண்டுள்ளது.


பயிற்சியின் அடிப்படைப் பகுதிகள்
ஒரு வியாபாரத் திட்டத்தின் பின்வரும் முக்கிய கூறுகளை விருத்தி செய்ய பங்கேற்பாளர்கள் கற்றுக்கொண்டனர்:
- தொலைநோக்கு, பணிப்பாதை (Mission), மற்றும் குறிக்கோள்கள்.
- சந்தைப்படுத்தல், உற்பத்தி மற்றும் மனித வளத் திட்டங்கள்.
- விகிதப் பகுப்பாய்வு உட்பட நிதியியல் திட்டமிடல்.
இந்த முன்னெடுப்பு வியாபாரங்களுக்கு ஆதரவளிப்பது மாத்திரமன்றி பசுமை நிதிக்கான அணுகல், RECP (வள வினைத்திறன் மற்றும் தூய்மையான உற்பத்தி) மதிப்பீடுகள், QEMS (துரித சூழல் முகாமைத்துவ முறைமை) சான்றழிப்பு, ISO 14001 இணக்கம், மற்றும் விற்பனையாள-கொள்வனவாளர் மன்றங்களில் பங்கேற்பு போன்ற ஏனைய திட்ட செயற்பாடுகளுக்கான அடிப்படை ஆவணங்களையும் வழங்குகின்றது.
பயிற்சியின் தாக்கம்
SME களுக்கு தமது வியாபாரங்களில் கட்டமைப்பு மேம்பாடுகளை மேற்கொள்ளத் தேவையான நடைமுறை அறிவை வழங்கியதன் மூலம் இந்தப் பயிற்சி அவற்றுக்கு குறிப்பிடத்தக்க தாக்கத்தை ஏற்படுத்தியது. பங்கேற்பாளர்கள் இலாப நட்ட பகுப்பாய்வு பற்றிய தெளிவான புரிதலையும் பெற்றனர், இது மேலும் தகவலறிந்த முடிவுகளை எடுக்க அவர்களுக்கு உதவியது. பயிற்சியின் விளைவாக, பல SMEகள் தாம் உருவாக்கிய வியாபாரத் திட்டங்களைப் பயன்படுத்தி வங்கிக் கடன்களையும் பொருள் வடிவ மானிய உதவிகளையும் வெற்றிகரமாகப் பெற்றுள்ளன.
பங்கேற்பாளர்கள் எளிதில் அணுகக்கூடிய விதத்தில் கம்பஹா, கொழும்பு மற்றும் களுத்துறை மாவட்டங்களில் பயிற்சி அமர்வுகள் நடத்தப்பட்டன. ISB இன் நிபுணர் பயிற்சியாளர்கள் மற்றும் வணிக மேம்பாட்டு வல்லுநர்கள் தலைமையில் பயிற்சி அமர்வுகள் இடம்பெற்றன, மேலும் ஒழுங்கமைப்பு மற்றும் ஏற்பாட்டியல் விடயங்களை ACTED பணியாளர்கள் முகாமை செய்தனர்.
இந்த முன்னெடுப்பு பல SME களுக்கு ஒரு குறிப்பிடத்தக்க திருப்புமுனையைக் அமைந்தது, அவை சுழற்சிப் பொருளாதார கொள்கைகளுக்கு ஏற்புடையதாக தமது செயற்பாடுகளை பேண்தகுநிலை மிக்கதாக மற்றும் இலாபகரமானதாக முன்னேற்றப் பாதையில் நகர்வதற்கு பயிற்சி அமர்வுகள் உதவின.


ව්‍යාපාර සැලසුම් පුහුණුව සමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ සංවර්ධනය දිරිගැන්වීම

කර්මාන්ත සේවා කාර්යාංශය (ISB) මගින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ අගය දාමය තුළ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs) සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳව වන පස් දින පුහුණු වැඩසටහන් හතක් සාර්ථකව අවසන් කර ඇත. යුරෝපා සංගමය වෙතින් අරමුදල් සැපයෙන “PLASTICS” ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද මෙම වැඩසටහන් මගින් සැපයුණු මාර්ගෝපදේශකත්වය, 2024 නොවැම්බර් මස අවසානය වන විට තනි ව්‍යාපාර සැලසුම් 113 ක් සම්පූර්ණ කිරීමට මග සලසා ඇති අතර, තවත් අමතර සැලසුම් අටක් මේ වනවිටත් සැකසෙමින් පවතී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 15-20 ත් අතර ප්‍රමාණයක් සඳහා 2024 වසරේ දෙසැම්බර් මස අග භාගය වනවිට තවත් පුහුණු සැසියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම ආරම්භක පියවරෙහි මූලික අරමුණ වන්නේ ව්‍යාපෘති ප්‍රතිලාභීන් හට සවිමත් පස් අවුරුදු ව්‍යාපාරික සැලැසුම් සැකසීම සඳහා සහාය වීමයි. මෙම ව්‍යාපාරික සැලසුම්, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම, පිවිතුරු නිශ්පාදන ක්‍රමවේදයන් අනුගමනය, තිරසර පරිභෝජනයන් ප්‍රවර්ධනය, හරිත ආයෝජනයන් දිරිගැන්වීම, සමාජීය අන්තර්කරණයන් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයන් තහවුරුකිරීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර මත තම අවධානය කේන්ද්‍රගත කරනු ඇත. ඉහත මූලාරම්භය, මෙම පුළුල් ප්‍රවේශය අනුගමනය කිරීමෙන්, භාවිතයෙන් බැහැර කෙරෙන ප්ලාස්ටික් එක්රැස්කිරීම, ඒවා ප්‍රතිචක්‍රීකරණය, යළි ප්ලාස්ටික් නිශ්පාදනය සහ ඒවා වෙළඳපොළට නිකුත් කිරීම යන ක්‍රියාවලීන් සිදුකෙරෙන ආකාරයන් වැඩිදියුණු කිරීම ඔස්සේ චක්‍රීය ආර්ථිකයකට දායක වීම ඉලක්ක කරයි.


පුහුණුවෙහි මූලික අංග
පුහුණුව සඳහා සහභාගී වූවන් හට ව්‍යාපාර සැලැස්මක වන පහත සඳහන් තීරණාත්මක අංග වැඩිදියුණු කිරීම සිදු කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් සපයනු ලැබිණි.
- දැක්ම , මෙහෙවර සහ අරමුණු
- අලෙවිකරණය, නිශ්පාදනය සහ මානව සම්පත සැලසුම් කරණය
- ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශයේ ඇතුළත් අංග විශ්ලේෂණය (අනුපාත විශ්ලේෂණය) ඇතුළත් මූල්‍ය සැලසුම්කරණය.
මෙම මූලාරම්භය මගින් ව්‍යාපාර සංවර්ධනයට අදාළ සහාය ලබාදීම පමණක් නොව හරිත මූල්‍ය ක්‍රියාකාරකම් ඇගයුම, RECP ( සම්පත් කාර්යක්ෂමව භාවිතය සහ පිවිතුරු නිශ්පාදන) ඇගයුම්, QEMS පාරිසරික කළමණාකරණ පද්ධති සහතිකකරණය, ISO 14001 අනුකූලතා සහතිකකරණය සහ ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හමු සඳහා සහභාගීත්වය වැනි වෙනත් ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මූලික පදනම් ලේඛණ සැපයීම පවා සිදු කරනු ලැබේ.
ව්‍යාපෘතියේ බලපෑම
මෙම පුහුණුව මගින් තම ව්‍යාපාරයන්හි ව්‍යූහාත්මක වැඩිදියුණුකිරීම් සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය ලබාදීම ඔස්සේ කුඩා පරිමාණ ව්‍යවසායයන් මත සැලකියයුතු මට්ටමේ බලපෑමක් ඇති කරන ලදී. එමෙන්ම සහභාගී වූවන් හට ලාභ, අලාභ විශ්ලේෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සපයන ලද අතර එමගින් ඔවුනට වඩාත් දැනුවත් තීරණ ගැනීමේ අවකාශයන් සලසා ඇත. මෙම පුහුණුවෙහි ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයකට තමන් විසින් සකසන ලද ව්‍යාපාර සැලසුම් උපයෝගී කරගනිමින් සාර්ථක ලෙස බැංකු ණය පහසුකම් මෙන්ම මුදල්මය නොවන ප්‍රදානයන් ද ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
සහභාගීවන්නන් හට පහසුවෙන් සම්බන්ධ විය හැකි අයුරින් මෙම පුහුණු වැඩසටහන්, ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි පැවැත්වුණු අතර ISB ආයතනයේ විශේෂඥ පුහුණුකරුවන් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව විශේෂඥයින් පුහුණු සැසි මෙහෙය වූ අතර ඇක්ටඩ් ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කටයුතු සහ කාර්ය සම්පාදන ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබිණි.
මෙම මූලාරම්භය බොහොමයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට තීරණාත්මක සංධිස්ථානයක් ව ඇත්තේ චක්‍රීය ආර්ථිකයන් සමගින් එක්ව ගමනක යෙදෙන තිරසර මෙන්ම ලාභ උපයන ආයතන බවට පත්වීමේ මාර්ගය හෙලිකරදීම මගිනි.


හරිත අනාගතයක් සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම: “ප්ලාස්ටික්ස්” ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාර සැලසුම් පුහුණුව


ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් වෙත හුවමාරු වීමේ ක්‍රියාවලිය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙය හඳුනා ගනිමින්, යුරෝපා සංගමයේ අරමුදල් මත ක්‍රියාත්මක “ප්ලාස්ටික්ස් ” ව්‍යාපෘතිය මගින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ අගය දාමය තුල වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 152ක්, තිරසරභාවය සහ ලාභදායිත්වය ක්‍රියාවෙහි යෙදවීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපාරික කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම සිදු කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් කර්මාන්ත සේවා කාර්යාංශයේ (ISB) සහයෝගීතාවය ඇතිව, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ පස් දින ව්‍යාපාර සැලසුම් සැකසීමේ කඩිනම් පුහුණු වැඩසටහන් හතක් සාර්ථකව පවත්වා ඇත. ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පවත්වන ලද මෙම සැසිවාරයන් මගින් මේ වනවිටත් සවිස්තරාත්මක ව්‍යාපාර සැලසුම් 113ක් නිර්මාණය කර ඇති අතර තවත් සැලසුම් අටක් සැකසෙමින් පවතී. තවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 15-20 ත් අතර ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් අමතර පුහුණු සැසියක් 2024 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට දින නියම කරගෙන ඇත.
සාර්ථකත්වය උදෙසා පදනමක් සකසමින්
ඉහත පුහුණු වැඩසටහන් ව්‍යාපාර සැලසුම්හි මූලික අවධිය ඉක්මවා යන අතර දීර්ඝකාලීන උපායමාර්ගයන්ට තිරසරබව සහ නවෝත්පාදනය යන මූලධර්ම ඇතුළත් කරවීම අරමුණු කරයි. එම ව්‍යපාර සැලසුම්හි පහත කරුණු අන්තර්ගත වේ.
- ආයතනයේ වැඩිදියුණුවට මග පෙන්වීම සඳහා සැකසුණු දැක්ම, මෙහෙවර සහ අරමුණු
- මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීම සඳහා අලෙවිකරණය, නිෂ්පාදනය සහ මානව සම්පත් සැලසුම්.
- දැනුවත් තීරණ ගැනීම සඳහා මූල්‍ය ප්‍රක්ෂේපන (ආයතනයේ අනාගත මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව වන ලේඛණ) සහ අනුපාත විශ්ලේෂණයන් (ආයතනයේ මූල්‍ය ප්‍රකාශයෙහි වන විවිධ මූල්‍ය අයිතම පිලිබඳව වන දත්ත ඇගයීම ඔස්සේ අදාළ ආයතනයේ මූල්‍ය කාර්යසාධනය ඇගයීම) සිදු කිරීම.
සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය, පිවිතුරු නිශ්පාදන, හරිත ආයෝජනයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් ඇතුළත් කරගැනීම වැනි තීරණාත්මක සාධක අන්තර්ගත කරගැනීම සහ ඒ ඔස්සේ තම ව්‍යාපාරයන් චක්‍රීය ආර්ථිකය සමගින් පෙළගැස්වීම පිළිබඳව සහභාගී වූවන් පුහුණු කරවන ලදී.
සැලසුම් අභිවෘද්ධිය/ප්‍රගතිය කරා ගෙනයාම
මෙම පුහුණුවල බලපෑම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයක් සඳහා පරිවර්තනීය ලෙස බලපා තිබේ.
- ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම්: සහභාගීවන්නන් තම මෙහෙයුම් යළි සකස් කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම පිලිබඳව ප්‍රායෝගිකව දැනුවත් වන ලදී.
- වඩා යහපත් මූල්‍යමය අවබෝධයක් : පුහුණුවට සහභාගී වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට දැන් ලාභ අලාභ විශ්ලේෂණය පිළිබඳව අවබෝධයක් ඇති අතර එබැවින් ඔවුන් වඩාත් ප්‍රඥාවන්ත ආයෝජනයන් සිදුකිරීමට සමත් වෙති.
- ප්‍රතිපාදන වෙත පිවිසීමේ හැකියාව : ව්‍යාපාරයන් කිහිපයකටම තමන් විසින් සකසන ලද වෘත්තීයමය ව්‍යාපාර සැලසුම් උපයෝගී කරගනිමින් බැංකු ණය පහසුකම් මෙන්ම ප්‍රදානයන් ද ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
ඉහත ව්‍යාපාර සැලසුම් මගින් තවදුරටත් PLASTICS ව්‍යාපෘතිය වෙතින් ඉදිරිපත් කෙරෙන වෙනත් අවස්ථාවන් වෙත ප්‍රව්ශයන්ද සලසා දෙයි, ඒ අතරට පහත කරුණුද ඇතුළත් වේ.
- හරිත මූල්‍ය සහ RECP ( සම්පත් කාර්යක්ෂමව භාවිතය සහ පිවිතුරු නිශ්පාදන) ඇගයුම්
- QEMS පාරිසරික කළමණාකරණ පද්ධති සහතිකකරණය සහ ISO 14001 අනුකූලතා සහතිකකරණය.
- ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හමු සඳහා සහභාගී වීමේ හැකියාව සහ ඒ ඔස්සේ වටිනා වෙළඳපොළ සබඳතා ගොඩනගාගැනීමේ හැකියාව.
සාමූහික ප්‍රයත්නයක්
මෙම පුහුණුවල සාර්ථකත්වය, ISB, ACTED යන ආයකනවල මෙන්ම ප්ලාස්ටික්ස් ව්‍යාපෘතියේ සාමූහික ප්‍රවේශය පිළිබඳව සාක්ෂියකි. විශේෂඥ පුහුණුකරුවන් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව විශේෂඥයින් පුහුණු සැසි මෙහෙය වූ අතර ACTED ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කටයුතු සහ කාර්ය සම්පාදන ක්‍රියාකාරකම් සුමටව මෙහෙයවනු ලැබිණි
තිරසර බව කරා දිවෙන මාවතක්
තිරසර භාවිතයන් අනුගමනය, තම මෙහෙයුම් වැඩිදියුණු කරගැනීම මෙන්ම තරඟකාරී වෙළඳපොළක් තුළ සවිමත්ව නැගී සිටීමට අවශ්‍ය සවිය ව්‍යවසායයන්ට ලබාදීම ඔස්සේ මෙම මූලාරම්භය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයකට තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. චක්‍රීය ආර්ථික මූලධර්මයන් තම ව්‍යාපාර සැලසුම් තුළට අන්තර්ග්‍රහණය කරගැනීම ඔස්සේ මෙම ව්‍යවසායයන් තම ව්‍යාපාරය මගින් ජනිත වන පාරිසරික බලපෑම අවම කරගැනීමට මෙන්ම තම නම්‍යශීලත්වය සහ ලාභ ඉපයීමේ හැකියාවන් සවිමත් කරගැනීමට සමත්ව ඇත.
